Tuesday, January 15, 2013

ස්ථාවර ඇපමත ණය

සමිතියේ සාමාජිකත්වය හිමි ඔබට මුදල් හදිසියක දී ඔබගේ ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති ශේෂයෙන් 90%ක ණය මුදලක් ඉතා කෙටි වේලාවකදි ලබා ගත හැකිය. මේ සදහා ඔබගේ පාස්පොත සමග විමසීම් අංශයේ ඇති ඉල්ලුම් පත පුරවා භාරදිය යුත+ය. වැඩි විස්තර  පහත දුරකතන අංකයන් අමතා ලබා ගන්න.



025-2226733 හෝ 34
   

Friday, January 11, 2013

දේපළ ණය

අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සාමාජික ඔබට සාමාජිකත්වය ලබා අවුරුදු 03ක් වු පසු ඉඩමක් මිළදී ගැනීමට,  නිවසක් සෑදීමට, හා වාහනයක් මිළදී ගැනීම වෙනුවෙන්  රු. 750,000,00ක මුදලක් අවුරුදු 15ක ආපසු ගෙවීමක් යටතේ කඩිනමින් ලබා ගත හැකිය. තවද බිරිද හා ස්වාමියා යන දෙදෙනාටම සම්තියේ සාමාජිකත්වය හිමි නම් රු. 1,500,000,00ක උපරිමයක් දක්වා ණය මුදල ලබා ගත හැකිවේ. වැඩි විස්තර  පහත දුරකතන අංකයන් අමතා ලබා ගන්න.

Saturday, January 5, 2013

අපගේ ශක්තීන්

2012.10.31 දිනට සාමාජික සංඛ්‍යාව 151000කි.
2012.03.30 දිනට
ප්‍රාග්ධන හා සංචිත මිලියන - 2647
සාමාජික තැන්පත් මිලියන - 1728
සමුචිත ලාභය - 1402
දේපළ හා වෙනත් වත්කම් මිලියන - 890
2012.03.30 දිනට සාමාජිකයින්ට ලබාදී අය වීමට ඇති ණය  - මිලියන 6317

සුබ සාධන යෝජනා ක්‍රම


  • විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය
  • 5 වසර ශිෂ්‍යාධාර යෝජනා ක්‍රමය
  • ඥාති මරණාධාර යෝජනා ක්‍රමය
  • නිවාඩු නිකේතන පහසුකම්
  • විශ්‍රාම පාරිතෝෂිත යෝජනා ක්‍රමය
  • ණය සහන ප්‍රතිලාභ අරමුදල

Friday, January 4, 2013

උත්සවපූර්ව ණය

අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සාමාජික ඔබට සාමාජිකත්වය ලබා මාස 06ක් වු පසු රු. 50,000.00 ණය මුදලක් අවම පොළිය යටතේ කඩිනමින් ලබා ගත හැක. ඒ සදහා සාමාජික ඔබ ගිණුම සක්‍රීයව පවත්වා ගත යුතුය. තවද මුදල් හදිසියක දි උපරිම පැය දෙකක් වැනි කාලයක් තුල ණය මුදල ලබාගත හැකිය.